Sunday, April 20, 2025
Home » බන්ධනාගාර තාප්පයෙන් විසි කළ පාර්සලයේ තිබූ තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට

බන්ධනාගාර තාප්පයෙන් විසි කළ පාර්සලයේ තිබූ තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට

by mahesh
January 24, 2025 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

ගාල්ල බන්ධනාගාර තාප්පයට ඉහළින් විසි කළ පාර්සලයක තිබී ජංගම දුරකතන 07ක්, දුම්කොළ 25ක් ඇතුළු තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට එම බන්ධනාගාර නිලධාරින් සමත්වී ඇත.

පසුගිය 22 වැනිදා පස්වරු 05.00ට පමණ ගාල්ල බන්ධනාගාරයට පිටතින් ඇති තාප්පයට ඉහළින් පුද්ගලයකු බන්ධනාගාරය තුළට යම් පාර්සලයක් විසි කළ බව එදින බන්ධනාගාරයේ දිවා සේවා රාජකාරියේ යෙදී සිටි බන්ධනාගාර නිලධාරින් දැක තිබේ. බන්ධනාගාර නිලධාරින් වහාම එම පාර්සලය රැගෙනවිත් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී ජංගම දුරකතන (බැටරි සහිතව) 07ක්, හෑන්ඩ් ෆ්‍රී 02ක් සහ දුම්කොළ 25ක් හමුවී තිබේ.

අත්අඩංගුවට ගත් එම තහනම් ද්‍රව්‍යවලින් දුම්කොළ සියල්ල ගාල්ල බන්ධනාගාර අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමටත්, සෙසු තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකාය වෙත භාරදීමටත් පියවර ගෙන ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා කියයි. මේ සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT