Monday, April 21, 2025
Home » නිසි වටිනාකමක් දෙමින් වනයේ නිදහස්ව ජීවත්වීමට අවසර දෙන්න

නිසි වටිනාකමක් දෙමින් වනයේ නිදහස්ව ජීවත්වීමට අවසර දෙන්න

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ

by mahesh
January 24, 2025 1:00 am 0 comment

මහීෂා නිර්වානි

මෙරට මුල් පුරුක ආරක්ෂා කර නිසි වටිනාකමක් දෙමින් වනාන්තරයේ නිදහස්ව ජීවත්වීමට අවසර දෙන්නැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ඉල්ලීමක් කළේය.

ආදිවාසී නායකයා මේ බව පැවැසුවේ ආදිවාසී ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධව අදහස් දක්වමින් පෙරේදා (22) කොළඹ පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශාලාවේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආදිවාසී නායකයා මෙලෙස ද කීවේය.

“ආදිවාසී ජනතාවට ව්‍යවස්ථාපිත පිළිගැනීමක් නෑ. පැහැදිලි නීති සම්පාදනයක් නෑ. සම්ප්‍රදායික සංස්කෘතියට ඇති ගැටලු සහ ප්‍රාදේශීය වශයෙන් විවිධ වූ ගැටලු තිබෙනවා. විවිධ අවස්ථාවලදී මීට විසඳුම් දෙන බවට ප්‍රකාශ කළත් ඒ වෙනුවෙන් මේ වන තෙක් නිසි විසඳුම් ලැබී නෑ.”

ආදිවාසී ජනතාවට පවතින ගැටලු සම්බන්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. පනත් කෙටුම්පතෙහි පෙරදී ප්‍රතික්ෂේ වූ 14 සහ 15 වගන්ති ද ඇතුළත් කොට මාස තුනක් ඇතුළත කෙටුම්පත නීතිගත කිරීමට ද මෙහිදී පොරොන්දු විය.

මේ අවස්ථාවට ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ඇතුළු ප්‍රාදේශීය නායකයෝ ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ලයනල් ගුරුගේ ඇතුළු පිරිසක් ද එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT