ගල්කිස්ස ප්රදේශයේ ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයකුගෙන් රුපියල් 250000ක අල්ලස් මුදලක් ලබාගත් කම්කරු නිලධාරියකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවේ, බටහිර කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ කම්කරු නිලධාරියෙකි. ගල්කිස්ස පදිංචි පැමිණිලිකරු පවත්වාගෙන යන ආයතනයේ සේවකයන්ට මාසිකව ගෙවන මූලික වැටුප රුපියල් 5000කින් වැඩි කළ යුතු බවත්, වැඩි කළ මුදලට අදාළව රජයට ගෙවිය යුතු සේවක අර්ථ සාධක මුදල් ගෙවිය යුතු බවත් මේ ආයතනය සම්බන්ධයෙන් පෙර වැරදි ඇති බවත් දන්වා ඒ සම්බන්ධයෙන් උසස් නිලධාරීන් දැනුම්වත් කර නීති මගින් කටයුතු නොකර සිටීමට සහ විමර්ශන කටයුතු සඳහා භාරයට ගත් ලේඛන නැවත ලබාදීමට එකී මුදල ඉල්ලා තිබූ බව පොලීසිය කියයි. සැකකාර කම්කරු නිලධාරියා පැමිණිලිකරුගෙන් එම මුදල ගල්කිස්ස ගාලු පාරේ ටෙම්පලස් පාර හන්දියේ රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඉදිරිපිට ලබා ගනිද්දී පෙරේදා (22) සවස අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වයි.
ගල්කිස්සේ ආයතනයක හිමිකරුගෙන්
බණ්ඩාරගම- බිමල් ජයසිංහ, නවගමුව සුගත් පේමතිලක
250000ක අල්ලස් ගත් කම්කරු නිලධාරියා දැලේ
by mahesh
January 24, 2025 1:00 am
0 comment
බණ්ඩාරගම- බිමල් ජයසිංහ, නවගමුව සුගත් පේමතිලක
41