Sunday, April 20, 2025
Home » සිසුන්ගෙන් අනීතිකව මුදල් එකතු කිරීම ගැන විමර්ශනයක් ඕනෑ

සිසුන්ගෙන් අනීතිකව මුදල් එකතු කිරීම ගැන විමර්ශනයක් ඕනෑ

by mahesh
January 24, 2025 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

සංදර්ශනයක් පවත්වන බව කියමින් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන්ගෙන් අනීතික ලෙස මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සිදුකළ යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.

පාසල් මඟින් මවුපියන් අපහසුතාවට පත් කරමින් විවිධ උත්සව සඳහා යැයි කියමින් මුදල් එකතු කිරීම බහුලව සිදුවන නිසා එය වැළැක්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛ ගණනාවක් නිකුත් කර තිබෙන බවත් ඒවා කුණු කූඩයට දමමින් ඇතැම් විදුහල්පතිවරු කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙන බවත් ඒ මහතා කීය.

මහනුවර ධර්මරාජ විදුහලේ ප්‍රාථමික අංශයේ විවිධ ප්‍රසංගය තාවකාලිකව අත්හිටුවා තිබියදී පිරිසක් එය නැවත පැවැත්වීමට උත්සාහ කරමින් සිටින බවත් චක්‍රලේඛ උල්ලංඝනය කරමින් එය සංවිධාන කර තිබෙන බව තහවුරුව තිබේ නම් ඒ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීම බවත් ස්ටාලින් මහතා පැවසුවේය.

පාසල් සිසුන් හා මවුපියන් අපහසුතාවට පත් කරමින් මුදල් එකතු නොකරන ලෙස දැනුම්දී තිබියදී මේ ආකාරයෙන් උත්සව සංවිධාන කරනු ලබන්නේ විවිධ යටි අරමුණු සහිතව යැයි ද ඒ මහතා කීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT