මීට දින පහකට කලින් මාතලේ නගරයට ගොස් අතුරුදන් වූ 16 වියැති තම පුතු සොයා ගැනීමට ජනතාවගේ සහාය ලබා දෙන ලෙස මාතලේ, මුවන්දෙණිය, මුත්තෙට්ටුතැන්න ගම්මානයේ පදිංචි 48 වියැති තිදරු මවක වන යූ.ජී.සුනේත්‍රා ජයරාණි මහත්මිය හැඬූ කඳුළින් පැවසුවාය.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ මාතලේ, මුවන්දෙණිය කනිටු විදුහලේ ඉගෙනුම ලබන එම්.ටී.ජී. රුවිෂාන් සංකල්ප දරුවාය.
පසුගිය19 වැනිදා උදෑසන මාතලේ නගරයට යන බව කියා නිෙවසින් පිටවූ තම පුතු දින පහක් තිස්සේ අතුරුදන් වී සිටින බවත්,සවස් වෙනතුරුම පුතු නිෙවසට නොපැමිණීම නිසා තමන් රත්තොට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ද ඔහුගේ මව සුනේත්‍රා ජයරාණි මහත්මිය පැවසුවාය.
දරුවා නිෙවසින් කුඩය පමණක් රැගෙන පිටවන අයුරු අසල නිෙවසක ආරක්ෂිත කැමරාවක ද සටහන් වී තිබේ. අතුරුදන් වී ඇති තම පුතු පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 0711647543 දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙස මව ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් කරයි.