Home » රෝහින්ග්‍යා සරණාගතයන් වෙනුවෙන් ගන්නා ඕනෑම මානුෂීය තීන්දුවකට සහාය දෙනවා

රෝහින්ග්‍යා සරණාගතයන් වෙනුවෙන් ගන්නා ඕනෑම මානුෂීය තීන්දුවකට සහාය දෙනවා

by mahesh
January 24, 2025 1:00 am 0 comment

රෝහින්ග්‍යා සරණාගත ප්‍රජාව වෙනුවෙන් ගන්නා ඕනෑම මානුෂීය තීන්දුවකට සහාය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ රෝහින්ග්‍යා සරණාගතයින් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවැති විවාදයට සහභාගි වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ ද පැවසීය.

රෝහින්ග්‍යා ජනතාව සරණාගතයන් ලෙස මුහුණ දෙන ගැටලු ගැන කතා කරන විට රටක් ලෙස අනුගමනය කළ යුතු ජාත්‍යන්තර ප්‍රතිපත්ති, අවබෝධතා හා එකඟතා මත නිර්මාණය වන ජාත්‍යන්තර නීතියක් තිබෙනවා. එවැනි වූ ඇතැම් නීතිවලට රටක් ලෙස අත්සන් කර නොමැති වුවත් මානුෂීයවාදය කේන්ද්‍ර කර ගනිමින් කටයුතු කළ යුතුයි. තවද ත්‍යන්තර ප්‍රමිතීන් අනුව කටයුතු කළ යුතුයි. කෙතරම් ජාත්‍යන්තර ප්‍රමිතීන් තිබුණද 2014 මියන්මාරයේ පැවති ජන සංගණනයෙන් පවා මේ රෝහින්ග්‍යා ජනතාව ඉවත් කර තිබෙනවා. මෙම ජන ප්‍රජාව පත්ව ඇති අසරණභාවය තුළ අප රටක් ලෙස මානුෂීයවාදීව කටයුතු කළ යුතුයි. මනුස්සකම අගයන රටක් ලෙස එය වගකීමක් සහ යුතුකමක්.

2024 දෙසැම්බර් 19 වැනි දා මුලතිව්වලට මුහුදු මාර්ගයෙන් පැමිණි මේ සරණාගත ජනතාවට මානුෂීයවාදීව ජාත්‍යන්තර ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කිරීම වැදගත්. මේ සරණාගතයන් වෙනුවෙන් ඉටු කරන යුතුකම් සර්වසාධාරණව ඉටු කළ යුතුයි. ”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT