Home » කැලිෆෝනියාවේ යළි ළැව් ගිනි ඇවිළෙයි

කැලිෆෝනියාවේ යළි ළැව් ගිනි ඇවිළෙයි

by mahesh
January 24, 2025 1:00 am 0 comment

දින කිහිපයකට පෙර කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර උඩුයටිකුරු කළ ළැව් ගින්නට සමාන තවත් දරුණු ළැව්ගින්නක් මේ වන විට දකුණු කැලිෆෝනියාවේ පැතිරී යමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලොස් ඇන්ජලිස් නුවරට කිලෝමීටර් 72ක් උතුරු දෙසින් පිහිටි ප්‍රදේශයේ එම ළැව් ගින්න ආරම්භ වී ඇතැයි ද, අධික සුළං තත්ත්වයත් සමඟ පැය කිහිපයක් ඇතුළත අක්කර දසදහසකට ආසන්න ප්‍රමාණයක් පුලුස්සා දමා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එය වනාන්තර ආශ්‍රිත ප්‍රදේශයක් බැවින් මේ දක්වා නිවාස හෝ වෙනත් ගොඩනැඟිලි ගින්නට හසුවී නැති බවත්, ළැව් ගින්න මැඬ පැවැත්වීමට හැකි බවට ලොස් ඇන්ජලිස් ගිනි නිවන ඒකකය විශ්වාසය පළ කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. කෙසේ වුවද පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම ප්‍රදේශයෙන් පනස්දහසකට අධික ජනතාව සහ එම ප්‍රදේශයේ පිහිටි බන්ධනාගාරයක රැඳවූවන් 500කට ආසන්න පිරිසක් ඉවත් කිරීමට බලධාරින් පියවර ගත් බව වාර්තා වේ. කැලිෆෝනියාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් 4,000කට අධික පිරිසක් ළැව් ගින්න මැඬ පැවැත්වීම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT