Home » තායිලන්තයේ සමරිසි පනත නීතිගත වෙයි

තායිලන්තයේ සමරිසි පනත නීතිගත වෙයි

එකම දිනයේ විවාහ දහසක්

by mahesh
January 24, 2025 1:00 am 0 comment

සමරිසි විවාහ නීතිගත කළ අග්නිදිග ආසියාවේ පළමු රට වන තායිලන්තයේ එම නීතිය ක්‍රියාත්මක කරමින් ඊයේ රට පුරා සමරිසි විවාහ දහසකට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බැංකොක් නුවර විශාලතම සාප්පු සංකීර්ණයකදී පමණක් එවැනි විවාහ සිය ගණනක් සිදුවූ බවත්, මේ මස පළමුවැනිදා පාර්ලිමේන්තු පනතකින් එම නීතිය සම්මත කිරීමෙන් පසු සමරිසි විවාහ සිදුකළ පළමු අවස්ථාව මෙය බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

නේපාලය සහ තායිවානයට පසුව ආසියාවේ සමරිසි විවාහ නීතිගත කළ තුන්වැනි රට බවට ද පත්වූ තායිලන්තයේ සමරිසි ප්‍රජාව විසින් මේ විවාහ උත්සවය සංවිධාන කර තිබූ බවත්, ඊයේ පළමු දිනයේදී විවාහ 1,448ක් සඳහා ලියාපදිංචිය සිදුකිරීම ඔවුන්ගේ ඉලක්කය වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. විවාහ 1,448ක් එකම දිනයේ සිදු කරමින් තායිලන්තයේ සමරිසි විවාහ සම්ප්‍රදාය ආරම්භ කිරීම අරමුණු කරනු ලැබුවේ එරට සිවිල් අයිතීන් පිළිබඳ පනතට අනුව පිරිමියකු සහ කාන්තාවකට පමණක් විවාහය සිදු කළ යුතු බවට වන 1448 වැනි වගන්තිය අභියෝගයට ලක් කරමින් බවද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT