Monday, April 21, 2025
Home » ඉන්දුනීසියාවේ නාය යෑමකින් පුද්ගලයන් 21ක් මරුට

ඉන්දුනීසියාවේ නාය යෑමකින් පුද්ගලයන් 21ක් මරුට

by mahesh
January 24, 2025 1:00 am 0 comment

ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා ප්‍රාන්තයේ අධික වර්ෂාපතනය හේතුවෙන් සිදුවූ නාය යෑමකින් පුද්ගලයන් 21 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, තවත් 8 දෙනකු අතුරුදන් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අතුරුදන්වූ පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කළ බව එරට ආපදා කළමනාකාරණ ඒජන්සිය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඉදිරි දින කිහිපයේදී වර්ෂාපතනය ඉහළ යනු ඇතැයි පළවූ කාලගුණ අනාවැකි හේතුවෙන් අවට ප්‍රදේශවල ජනතාවට ඉවත්වන ලෙස බලධාරින් දැනුම් දී ඇති අතර, නාය යෑමෙන් විනාශයට පත්වූ ගොඩනැඟිලි සහ නිවාස සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු ද ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT