Home » සැමරුම් උත්සවය

සැමරුම් උත්සවය

by mahesh
January 24, 2025 1:00 am 0 comment

ශ්‍රී ලංකේය කතානාද සිනමාවට වසර 78ක් පූර්ණය වීමත්, ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කර වසර 53ක් පිරීමත් නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී ඉකුත් 21 දා සවස පැවැත්විණි. චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කළ එවක අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පුෂ්පෝපහාර දැක්වීම සහ සංස්ථාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනෙකු අගයා සම්මානයට පාත්‍ර කිරීම ද සිදුවිය.

මුඛ්‍ය දේශනය සිදු කළේ ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා විසිනි. චිත්‍රපට ක්ෂේත්‍රය සඳහා කළ සේවය අගයා ප්‍රවීණ රංගවේදී ආචාර්ය රවීන් රන්දෙණිය, ප්‍රවීණ රංගවේදිනී වසන්ති චතුරාණි, ප්‍රවීණ රංගන ශිල්පී හා ගායන ශිල්පි ප්‍රියංකර පෙරේරා යන මහත්ම මහත්මීන් සම්මානයට පාත්‍ර කිරීම ද මෙහිදී සිදු කෙරිණි. එයට සමගාමීව නාමල් ප්‍රසන්න විසින් රචිත ‘වාර්තා චිත්‍රපට වංසය’ සහ චිත්‍රපට සංස්ථාව විසින් සම්පාදනය කරන චිත්‍රපට සඟරාව 2025 පළමු කලාපය එළිදක්වන ලදි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට සිනමා ක්ෂේත්‍රය ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කලාකරුවෝ රැසක් සහභාගි වූහ.

ඉන්දීවරී පෙරේරා 
ඡායාරූප – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT