Monday, April 21, 2025
Home » අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි

by chanaka
January 24, 2025 8:44 am 0 comment

shoot Gun

පොලිස් අණ නොතකා ධාවනය කළ කාර් රථයකට ඊයේ (23) රාත්‍රියේදී පොලීසිය විසින් වෙඩිතබා තිබේ.

කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ කොළඹ උතුර යතුරුපැදි කණ්ඩායම විසින් අදාළ කාර් රථය හඹාගොස් වෙඩිතැබීම සිදුකර ඇත.

සිද්ධියෙන් එක් අයෙකු සුළු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී අදාළ කාර් රථය පරීක්ෂා කිරීම සඳහා නතර කරන ලෙසට අණ කර තිබුණත් නොනවත්වා ධාවනය කිරීම නිසා හඹාගොස් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

අදාළ කාර් රථයේ තිබී නීතිවිරෝධී මත්පැන් සොයාගෙන ඇති බවද පැවසේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT