Home » ගව ඝාතකාගාරයට බලපතක් දෙන්න හාමුදුරු නමක් අල්ලස් අරන්

ගව ඝාතකාගාරයට බලපතක් දෙන්න හාමුදුරු නමක් අල්ලස් අරන්

by Gayan Abeykoon
January 23, 2025 1:00 am 0 comment

පාන­දුර සංචා­රක - සුමිත් ප්රේම­ති­ලක

ටෙන්ඩර් පටි­පා­ටි­ය­කින් තොරව ගව ඝාත­කා­ගා­ර­යක් පව­ත්වා­ගෙන යෑමට බල­පත්‍ර ලබා­දීම පිණිස ව්‍යාපා­රි­ක­යන් දෙදෙ­න­කු­ගෙන් රුපි­යල් ලක්ෂ 15ක මුද­ලක් ලබා ගත් බව කියන හිමි­න­මක පාන­දුර උතුර පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගැනිණ.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ පාන­දුර ප්‍රදේ­ශයේ පුරාණ විහා­ර­ස්ථා­න­යක වැඩ­ව­සන 30 හැවි­රිදි හිමි­න­මක බව පොලී­සිය සඳ­හන් කළේය. පාන­දුර, තොට­වත්ත සහ පල්ලි­මුල්ල ප්‍රදේ­ශයේ ව්‍යාපා­රි­ක­යන් දෙදෙ­නකු විසින් සැක­කාර හිමි­නම රුපි­යල් ලක්ෂ 10ක් සහ ලක්ෂ 5ක් බගින් ලබා ගත් බවට කළ පැමි­ණිලි මත සැක­කාර හිමි නම පොලී­සි­යට කැඳවා ප්‍රකාශ ලබා ගැනී­මෙන් අන­තු­රුව අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. සැක­කාර හිමි­නම පාන­දුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි.

පාන­දුර උතුර පොලී­සිය වැඩි­දු­ර­ටත් පරී­ක්ෂණ පව­ත්වයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT