තංගල්ල, හුංගම ප්‍රධාන මාර්ගයේ පෙරේදා (21) ගමන් ගත් සැකකටයුතු ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය හමුවීමත් සමඟ ත්‍රිරෝද රථයේ පසුපස පැමිණි පුද්ගලයා අසල පිහිටි වෙල්යායට පැන පලාගොස් ඇති අතර, රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දික්වැල්ල පාර, කුඩාහීල්ල, බෙලිඅත්ත පදිංචි 26 හැවිරිදි තරුණයෙකි. හුංගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් තංගල්ල, හුංගම ප්‍රධාන මාර්ගයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී තංගල්ල දෙස සිට හුංගම දෙසට පැමිණි රතු පැහැති ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂා කර ඇත. එම අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ පිටුපස ආසනයේ පැමිණි පුද්ගලයා එක්වරම ත්‍රිරෝද රථයෙන් එළියට පැන අසල තිබූ වෙල්යායක් දිගේ පලාගොස් තිබේ. එහිදී වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් අහසට වෙඩිල්ලක් තබා සැකකරු අත්අඩංගුවට ගැනීමට පසුපස හඹා ගිය ද සැකකරු පලාගොස් තිබිණ. පසුව පොලිස් නිලධාරින් විසින් ත්‍රිරෝද රථය පරීක්ෂා කරන ලදුව රියැදුරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 450ක් අත්අඩංගුවට ගෙන ඇත.