Monday, April 21, 2025
Home » මහ­නු­වර රෝහල් රැසක සුව සේවා කාර්ය මණ්ඩල හිඟ­යක්

මහ­නු­වර රෝහල් රැසක සුව සේවා කාර්ය මණ්ඩල හිඟ­යක්

by Gayan Abeykoon
January 23, 2025 1:00 am 0 comment

අසේල කුරු­ළු­වංශ

මධ්‍යම පළාත් සභා­වට අයත් මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ රෝහල් රැසක සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟ­යක් පව­තින බවත් වෘත්තීය සංගම් කරන අනිසි මැදි­හ­ත්වීම් නිසා ඉන්නා සේව­ක­යන් තුල­නා­ත්ම­තව රෝහල් කරා යොමු කිරීම ගැට­ලු­වක් වී තිබෙන බවත් මහ­නු­වර දිස්ත්‍රික් ප්‍රාදේ­ශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තල­ගල මහතා පව­සයි.  හෙද සේවාවේ ඇතැම් ස්ථාන මාරු සඳහා ඇතැම් හෙද වෘත්තීය සමිති මැදි­හ­ත්වීම නිසා එම ස්ථාන මාරු ක්‍රියා­ත්මක කිරී­මට නොහැකි වී ඇතැයි ද ඒ මහතා කීය.මහ­නු­වර දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමිටු රැස්වීමේ දී වෛද්‍ය සේනක තල­ගල මහතා මේ කරුණු අනා­ව­ර­ණය කළේය. මහ­නු­වර දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමි­ටුවේ සම සභා­ප­ති­ව­රුන් වන ඇමැති කේ.ඩී. ලාල්කාන්ත සහ මධ්‍යම පළාත් ආණ්ඩු­කාර මහා­චාර්ය සරත් අබේ­කෝන් මහ­ත්ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් සම්බ­න්ධී­ක­රණ කමිටු රැස්වීම පැවැ­ත්විණි.

මේ හේතු­වෙන්  මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ ඇතැම් රෝහ­ල්වල හෙද නිල­ධා­රි­නි­යන්ගේ අති­රි­ක්ත­යක් නිර්මා­ණය වෙද්දී රෝහල් ගණ­නා­වක එකදු හෝ හෙද නිල­ධා­රි­නි­යක් නැති තත්ත්ව­යක් ඇතිව තිබෙ­න්නේ­යැයි ද තල­ගල මහතා එහිදී පැව­සීය.

නිසි මාරු­වීමේ ක්‍රම­වේ­ද­යක් ක්‍රියා­ත්මක කරන්නේ නම් ඒ සඳහා කිසිදු වෘත්තීය සංග­ම­ය­කට අනිසි මැදි­හ­ත්වී­මක් කළ නොහැකි බවත් ජනතා විමුක්ති පෙර­මුණේ වෘත්තීය සංග­මය මගින් එවැනි මැදි­හ­ත්වී­මක් සිදු නොවන්න වග­බලා ගන්නා බවත් සෞඛ්‍ය හා ජන­මාධ්‍ය නියෝජ්‍ය ඇමැති හසංක විජේ­මුණි මහතා මෙහිදී අද­හස් දක්ව­මින් සඳ­හන් කළේය.

වෘත්තීය සංග­මය නියෝ­ජ­නය කරන සේව­ක­යන්ගේ සුබ­සා­ධ­නය ඇතුළු අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් ඒ ඒ වෘත්තීය සමිති ක්‍රියා­ත්මක වීම සාමාන්‍ය තත්ත්ව­යක් වුවත් ජනතා සේව­යට බාධා­වක් වන ලෙස සේවක මාරු කිරීම් නතර කිරී­මට වෘත්තීය සංග­ම්ව­ලට අයි­ති­යක් නැති­යැයි ද නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ වෛද්‍ය­වරු 76කගේ හිඟ­යක් පව­තින බවත් එක් වෛද්‍ය­ව­ර­යකු පම­ණක් සේවය කරන ඇතැම් ප්‍රාදේ­ශීය රෝහ­ල්වල එම වෛද්‍ය­ව­රයා නිවාඩු ලබා­ගත් විට වෛද්‍ය­ව­ර­යකු නොමැ­ති­වීම ගැට­ලු­වක් බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය ලේකම් ජගත් අධි­කාරී මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT