සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට අභ්‍යන්තර ගුවන් සේවය පිළිබඳ දැනුමැති පුද්ගලයෙක් පත් කරන්නැයි ශ්‍රී ලංකා ගුවන්යානා හිමිකරුවන්ගේ හා ක්‍රියාකරුවන්ගේ සංගමය ඉල්ලීමක් කරයි. මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු නොකළහොත් මාස කිහිපයක් තුළ මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් සේවය කඩාවැටීම වැළැක්විය නොහැකි බවද එම සංගමයේ සභාපති සමන් අබේගුණරත්න මහතා ඊයේ (22) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.
ඉන්දියාව, මාලදිවයින වැනි රටවලින් ගුවන්යානා පුහුණුව ලැබීම සඳහා 80%ක් පමණ පිරිසක් මෙරටට පැමිණි නමුත් අද වන විට ගුවන්යානා පුහුණුවට පැමිණෙන විදේශිකයන් ප්‍රමාණය 10%ක් තරම් අඩු ප්‍රතිශතයක් බවද ඒ මහතා පැවසීය. ශ්‍රී ලංකා ගුවන් සේවයට විදේශීය ගුවන් නියමුවරුන් බඳවාගෙන ඩොලර්වලින් වැටුප් ගෙවන බව ද සඳහන් කළ ඒ මහතා පෙන්වා දුන්නේ දේශීය ගුවන්යානා නියමුවරුන් පුහුණු කර ඔවුන් සේවයට බඳවා ගැනීම මඟින් ඩොලර් විදේශයට ඇදී යෑම වැළැක්වීමට හැකි බවයි. මේ සඳහා මැදිහත්විය යුත්තේ ද සිවිල් ගුවන් සේවා අධිකාරිය යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.