බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා සංචාරක වීසා මාර්ගයෙන් ඇතුළුවීම තහනම් කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.ඒ අනුව එළඹෙන පෙබරවාරි මස 13 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මේ නීතිය බලාත්මක කෙරේ. මීට අදාළ නීති රෙගුලාසි බහරේන් රජය විසින් මේ වසරේ ජනවාරි 14 වැනි දින එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වාදෙයි. බහරේනයේ 1965 ආගමන විගමන පනතට ගෙන එන සංශෝධන අනුව කිසිම තත්ත්වයක් මත යම් විදේශිකයකු බහරේනයට ඇතුළුවීමේ වීසා බලපත්‍රයක්,රැකියා පදිංචි බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමට අවසර නොලැබෙන බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
බහරේනයේ රැකියා ලබාදෙන බවට ව්‍යාජ පොරොන්දු දී සංචාරක වීසා භාවිත කරමින් එරට විශාල ප්‍රමාණයක් සිටින බව බහරේන් තානාපති කාර්යාලය නිරීක්ෂණය කර තිබේ. එබැවින් මොනයම් හේතුවක් මත හෝ සංචාරක වීසා උපයෝගී කරගෙන බහරේනයේ රැකියා ලබාගැනීමට විදේශ ගත නොවන ලෙස කාර්යාංශය විගමනික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි.