Home » කෝච්චි ටිකට් උස්සන වංචාවට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

කෝච්චි ටිකට් උස්සන වංචාවට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

by chanaka
January 23, 2025 1:06 pm 0 comment

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී දුම්රිය දෙපාර්තමෙන්තුවේ සේවයේ නියුතු තාක්ෂණික නිලධාරිවරයෙකුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඇල්ල ඔඩිසි දුම්රියේ ඊ ටිකට් පත් චංවාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන සහ පරීක්ෂණ කටයුතු අනුවය.

සැකකරුකරු සතුව තිබී ඒ දුම්රිය ඊ ටිකට් 92ක්ද හමුව ඇත.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව මෙම ටිකට් පත් සංචාරකයින්ට සහ අනෙකුත් සංචාරකයින්ට වැඩි මුදලට විකිණීම සඳහා ළඟතබා ගත් බවට කරුණු අනාවරණය වී තිබේ.

එමෙන්ම මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු මාතලේ ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඔවුන්ට ලත් තොරතුරකට අනුව ඊ ටිකට්පත් 29 සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු සන්තකයේ තිබී රුපියල් 131,000 ආසන්න මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.

මේ අනුව, ඊ ටිකට් පත් චංවාව සිදුකර මෙම ටිකට් පත් වෙනත් පාර්ශවයන් වෙත ලබාදුන් තැනැත්තන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි.

ඒ අනුව දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් තිදෙනා අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT