Saturday, April 19, 2025
Home » අනුර ප්‍රියදර්ශන යාපා සහ බිරිඳ අධිකරණයට ඉදිරිපත් කරයි

අනුර ප්‍රියදර්ශන යාපා සහ බිරිඳ අධිකරණයට ඉදිරිපත් කරයි

by yasara
January 23, 2025 1:02 pm 0 comment

අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යවරයෙක් වන අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) පස්වරුවේ මෙම සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගත් බවයි.

2014 වසරේදී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් රුපියල් මිලියන 6.1ක මුදලක් ලබාගෙන එම කටයුත්ත සඳහා භාවිතා නොකර එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT