Monday, April 21, 2025
Home » ආචාර්ය උපාලි පන්නි­ලගේ මන්ත්‍රී ධුරය බල­ර­හිත කරන ලෙස ඉල්ලූ පෙත්සම සලකා බැලීම 19දා

ආචාර්ය උපාලි පන්නි­ලගේ මන්ත්‍රී ධුරය බල­ර­හිත කරන ලෙස ඉල්ලූ පෙත්සම සලකා බැලීම 19දා

by Gayan Abeykoon
January 23, 2025 1:00 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

ජාතික ලැයිස්තු මන්ත්‍රී­ව­ර­යකු ලෙස පාර්ලි­මේ­න්තු­වට පත් වූ ඇමැති ආචාර්ය උපාලි පන්නි­ලගේ මහ­තාගේ මන්ත්‍රී ධුරය බල­ර­හිත කිරීමේ රිට් ආඥා­වක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු­කර ඇති රිට් පෙත්ස­මක් ලබන පෙබ­ර­වාරි මස 19 වැනිදා සලකා බැලී­මට අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ඊයේ (22) නියෝග කළේය.

අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු එම්. ගොප­ල්ලව මහතා ඉදි­රියේ එම පෙත්සම කැඳවූ අව­ස්ථා­වේදී මේ බව තීර­ණය කෙරිණි.

මෙම පෙත්ස­ම්ක­රු­වන් අතුරු සහන ඉල්ලී­මක් අපේක්ෂා කරන බැවින් වග­උ­ත්ත­ර­ක­රු­වන් සියලු දෙනාට නොතීසි ලබා­දී­මෙන් අන­තු­රුව පෙත්සම සලකා බැලීම සුදුසු බව එහිදී විනි­සු­රු­ව­රයා පෙන්වා දුන්නේය.

අදාළ නොතීසි මේ මස 27 වැනි­දාට පෙර සියලු වග­උ­ත්ත­ර­ක­රු­වන් වෙත යැවී­මට පිය­වර ගන්නා ලෙස විනි­සු­රු­ව­රයා විසින් පෙත්ස­ම්කාර පාර්ශ්ව­යට නියෝග කරන ලදී.

පෙත්සම සලකා බැලීම සඳහා පෙබ­ර­වාරි මස 19 වැනිදා කැඳ­වී­මට ද නියම කෙරිණ.

අභි­නව නිව­හල් පෙර­මුණේ සභා­පති ඔෂල හේරත් මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්ස­මෙහි වග­උ­ත්ත­ර­ක­රු­වන් ලෙස ඇමැති ආචාර්ය උපාලි පන්නි­ලගේ, පාර්ලි­මේන්තු මහ­ලේ­කම්, රුහුණු විශ්ව­වි­ද්‍යා­ලය සහ එහි උප කුල­පති ඇතුළු පිරි­සක් නම් කර සිටිති.

ආචාර්ය උපාලි පන්නි­ලගේ මහතා පසු­ගිය මහ­මැ­ති­ව­ර­ණ­යෙන් අන­තු­රුව ජාතික ලැයිස්තු මන්ත්‍රී­ව­ර­යකු වශ­යෙන් පාර්ලි­මේ­න්තු­වට පත්කළ බව පෙත්ස­මෙහි සඳ­හන් වේ.

ජාතික ලැයිස්තු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු ලෙස පත් කරන අව­ස්ථා­වේදී ඔහු රුහුණු විශ්ව­වි­ද්‍යා­ලයේ සමාජ විද්‍යා මහා­චා­ර්ය­ව­ර­යකු ලෙස සේවය කර­මින් සිටි බවට තොර­තුරු ලැබී ඇති බව පෙත්ස­මෙහි දැක්වෙයි.

රජයේ සේවයේ නිර­තව සිටි­යදී මෙලෙස පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු ලෙස පත්කි­රීම ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 91 වැනි ව්‍යව­ස්ථා­වට පට­හැණි බව පෙත්ස­ම්කරු දෙනු ලැබීය.

එලෙස අදාළ අව­ස්ථාව වන­විට රජයේ සේවයේ නිර­තව සිටීම පාර්ලි­මේ­න්තු­වට තේරී පත්වී­මට සහ මන්ත්‍රී ධුරය දැරී­මට නුසු­දු­සු­ක­මක් බව පෙත්ස­මෙහි සද­හන් වේ.

එබැ­වින් දැනට ඇමැ­ති­ව­ර­යකු ලෙස කට­යුතු කරන ආචාර්ය උපාලි පන්නි­ලගේ මහ­තාට පාර්ලි­මේ­න්තු­වට තේරී පත්වී­මට, අසුන් ගැනී­මට සහ ඡන්දය ප්‍රකාශ කිරී­මට ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව යටතේ සුදු­සු­කම් නොමැති බවට තීන්දු කරන ක්වො වොරොන්ටෝ රිට් ආඥා­වක් නිකුත් ලෙස පෙත්ස­ම්කරු අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT