Tuesday, April 8, 2025
Home » පාකි­ස්තා­නයේ ඒකපුද්ගල ණය බර ලක්ෂ 3 පසු කරයි

පාකි­ස්තා­නයේ ඒකපුද්ගල ණය බර ලක්ෂ 3 පසු කරයි

by Gayan Abeykoon
January 23, 2025 1:00 am 0 comment

පාකි­ස්තා­නයේ පසු­ගිය මූල්‍ය වර්ෂය අව­සන් වන­විට ඒකපුද්ගල ණය බර රුපි­යල් ලක්ෂ 3 ඉක්මවා ඇතැයි එරට නව මූල්‍ය ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යෙන් අනා­ව­ර­ණය වූ බව පාකි­ස්තාන මාධ්‍ය වාර්තා කළේය.

එම වස­රේදී අය­වැය හිඟය සීමාව ඉක්ම යමින් රුපි­යල් ට්‍රිලි­යන 4කින් ඉහළ ගොස් ඇතැයි ද පාකි­ස්තා­නයේ ට්‍රිබි­යුන් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

එරට මුදල් අමා­ත්‍යාං­ශයේ මූල්‍ය ප්‍රති­පත්ති ප්‍රකා­ශ­යට අනුව 2023 මුල්‍ය වර්ෂ­යේදී රුපි­යල් 2,71, 264ක්ව තිබූ ඒකපුද්ගල ණය බර පසු­ගිය මූල්‍ය වර්ෂ­යේදී රුපි­යල් 3,01,954ක් හෝ 11.3% ක්  දක්වා ඉහළ යෑම සැල­කිය යුතු අව­දා­නම් තත්ත්ව­යක් බව ද එරට මාධ්‍ය සඳ­හන් කළේය.

වසර 2028දී එරට දළ දේශීය නිෂ්පා­ද­නය තිර­සර අප­න­යන ක්‍රියා­ව­ලිය තුළින් 6% කින් වර්ධ­නය කිරිමේ පාකි­ස්තාන රජයේ සැල­සු­මට එරට ඒකපුද්ගල ණය බර වර්ධ­නය වීම  බල­පෑ­මක් වනු ඇතැයි ද වාර්තා වේ. කෙසේ වුවද පසු­ගිය නොවැ­ම්බර් මාස­යේදී 4.90%ක්ව තිබූ එරට උද්ධ­ම­නය දෙසැ­ම්බර් මාසය වන විට 4.10% දක්වා පහත වැටී තිබූ බව ද එරට මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT