කලා නිර්මාණයක අපූර්වත්වය සම්ප්‍රදායික සළුවෙන් වෙලී වෙන්විය නොහැකි ලෙසින් පවතී. මේ සම්ප්‍රදාය ඉතා ප්‍රබල ලෙස ජීවමාන වන අතර දැඩි වෙනස්වීම් වලටද ලක්වෙයි. උදාහරණයක් ලෙස පුරාණ වීනස් ප්‍රතිමාව ග්‍රීකයන් අතර සම්ප්‍රදායික සංදර්භයක පැවතුණු අතර ඔවුන් එය භක්තිමත්භාවයේ වස්තුවක් හැටියට සැලකුව ද, ඊට වෙනස්ව එය අනිෂ්ඨ විපාක අඟවන දෙයක් හැටියට මධ්‍යකාලීන යුගයේ දේව ගැතියන් විසින් සලකන ලදී. කොහොම වුණත්, ඒ දෙගොල්ලන්ම එහි අපූර්වත්වයට එක සමානව මුහුණ දුනි. එනම්, එහි තේජසට. මුලින්ම සම්ප්‍රදාය තුළ කලාවේ සංදර්භය පූර්ණත්වය එහි ප්‍රකාශිතය හඳුනාගන්නේ ඇදහීම තුළය. අප දන්නවා මුල් කාලීන කලා නිර්මාණ මතු වුණේ පූජනීය සේවයේ දී – මුලින්ම මායාවී (MAGICALස්වරූපයෙන්, කලා නිර්මාණයක පැවැත්ම එහි තේජස හා සම්බන්ධව සළකන කල කිසි විටෙක එහි පූජනීය ක්‍රියාකාරීත්වයෙන් (RITUAL FUNCTION) නොපැවතීම වැදගත් කාරණයක්. වෙනත් වචන වලින් කිවහොත් අව්‍යාජ (AUTHENTIC) කලා නිර්මාණයක අපූර්ව වටිනාකම පදනම් වන්නේ පූජනීයත්වයෙහි එහි මුල්ම ප්‍රයෝජ්‍ය වටිනාකම ඇති තැනෙහි ය.”
(වෝල්ටර් බෙංජමින් -The Work of Art in the Age of Mechanical Reproduction කෘතියෙනි.)