Home » Netflix මිල ගණන් ඉහළ දැමීමේ තීරණයක

Netflix මිල ගණන් ඉහළ දැමීමේ තීරණයක

by chanaka
January 22, 2025 3:54 pm 0 comment

Netflix රටවල් ගණනාවක මිල ගණන් ඉහළ නංවීමට තීරණය කර තිබේ.

ඒ 2024 අවසාන මාසවලදී ග්‍රාහකයින් මිලියන 19 කට ආසන්න සංඛ්‍යාවක් එකතු වීමත් සමගය.

ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ආර්ජන්ටිනාව සහ පෘතුගාලය යන රටවල Netflix පිරිවැය වැඩි කරන බව සමාගම පවසයි.

තවදුරටත් සේවාව වැඩිදියුණු කිරීම සඳහා තම සාමාජිකයින්ගෙන් මෙලෙස සේවා ගාස්තුව ඉහළ දමන බව ඔවුන් සඳහන් කරයි.

පසුගිය වසරේ අග දකුණු කොරියානු නාට්‍යයටක්වන Squid Game හි දෙවන කතා මාලාව සහ සටන්කරුවෙකු බවට පත් වූ, සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙකු වන ජේක් පෝල් සහ හිටපු ලෝක හෙවිවේට් ශූර මයික් ටයිසන් අතර බොක්සිං තරඟයක් ඇතුළු ක්‍රීඩා මගින් Netflix සමාගම බලාපොරොත්තු වූවාට වඩා හොඳ ග්‍රාහක සංඛ්‍යාවක් එකතු වී තිබේ.

මේ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ, වෙළඳ දැන්වීම් නොමැති සම්මත දායකත්වය ඇතුළුව සියලුම සැලසුම්වල පාහේ මිල ගණන් ඉහළ යනු ඇති අතර එය දැන් මසකට ඩොලර් 17.99 වනු ඇති. මීට පෙර එය ඩොලර් 15.49 ක් විය.

දැන්වීම් සහිත එහි සාමාජිකත්වය ද ඩොලර් 7.99 දක්වා ඩොලරයකින් ඉහළ යන බව සඳහන්ය.

Netflix අවසන් වරට අමෙරිකා එක්සත් ජනපදයේ මිල ඉහළ දැමුවේ 2023 ඔක්තෝබර් මාසයේදීවන අතර එහිදී එය එක්සත් රාජධානියේ සමහර සැලසුම් සඳහා පිරිවැය ඉහළ දැමීම සිදුවිය.

ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලය තුළ නව ග්‍රාහකයින් මිලියන 9.6 ක් එකතු කිරීමට අපේක්ෂා කළ නමුත් එම සංඛ්‍යාව බොහෝ දුරට ඉක්මවා ගොස් පසුගිය වසර අවසන් වූයේ මුළු ග්‍රාහකයින් මිලියන 300 කට වඩා වැඩි සංඛ්‍යාවක් සමඟ බව Netflix සමාගම පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT