Monday, April 21, 2025
Home » මලල ක්‍රීඩිකා දර්ශනී චන්ද්‍රරත්නට සෞඛ්‍ය ඇමැතිගෙන් සුබපැතුම්

මලල ක්‍රීඩිකා දර්ශනී චන්ද්‍රරත්නට සෞඛ්‍ය ඇමැතිගෙන් සුබපැතුම්

by sachintha
January 22, 2025 1:39 am 0 comment

 

ඉන්දියාවේ බැංගලෝර් නුවර පැවති දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උලෙළට එක්වෙමින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් පොලොන්නරුව රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායක තනතුරේ සේවය කරන දර්ශනී චන්ද්‍රරත්න ක්‍රීඩිකාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා‌ සුබපැතුම් එක් කළේය.

මැදිරිගිරිය, වැලිගම්පුර, මහ අඹගස්වැව නම් දුෂ්කර ප්‍රදේශයක පදිංචිව මලල ක්‍රීඩාවෙන් ජාතික හා අන්තර්ජාතික දක්ෂතා දක්වමින් ලොවක් දිනන්නට සැරසෙන දර්ශනී චන්ද්‍රරත්න ක්‍රීඩිකාව පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඇමැතිවරයා හමුවූ අතර, එහිදී ඇය පසුගිය කාලය පුරා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දක්වන ලද දක්ෂතා අගයමින් සුබපැතුම් එක් කළේය.

පසුගියදා ඉන්දියාවේ බැංගලෝර් නුවර පැවති දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උලෙළේදී මීටර් 1500 සහ 400 දිගු දුර සහ කෙටි දුර දිවීමේ තරගවලින් රන් පදක්කම් දිනාගත් දර්ශනී මීටර් 5000 සහ 800 දිවීමෙන් රිදී පදක්කම් දිනා ගැනීමට සමත්වූවාය. තව ද මීටර් 100 ‍සහාය දිවීමේ ලෝකඩ පදක්කමක් සහ මීටර් 400 සහාය රිදී පදක්කමක් දිනාගත් කණ්ඩායමේ සාමාජිකාවද වූවාය.

පොලොන්නරුව රෝහල් කාර්ය මණ්ඩලය ද සිය ක්‍රීඩා දක්ෂතා උදෙසා සහයෝගය ලබාදෙන බව ද මෙහිදී අනාවරණය වූ අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා, ඉදිරියේදී ඇයගේ ක්‍රීඩා කෞෂල්‍ය වර්ධනය කර ගැනීමට අමාත්‍යාංශය වෙතින් ලබාදීය හැකි සෑම සහයෝගයක් ම ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT