55
පුත්තලම දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණයත් සමඟ ඇදහැලෙමින් පවතින ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු 6ම විවෘත කර ඇති බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු බන්දුල පතිරණ මහතා පැවසීය. ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු හයම අඩි එක බැගින් විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි 3,000ක ජල ධාරිතාවක් මුදාහැරෙන බව ද වාර්තා වේ. ඒ අනුව, පහළ මිටියාවතේ පදිංචි පිරිස් වෙත අවධානයෙන් පසුවන ලෙස පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවා තිබේ.
වනාතවිල්ලුව සමූහ – කේ. ප්‍රියංකර කළුපහන