Monday, April 21, 2025
Home » මල්වතු ඔය ගොඩගලා අනුරාධපුර ස්ථාන රැසක් යට වෙයි

මල්වතු ඔය ගොඩගලා අනුරාධපුර ස්ථාන රැසක් යට වෙයි

by sachintha
January 22, 2025 1:07 am 0 comment

අනුරාධපුරයට ඇදහැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඊයේ (21) දහවල් කාලය වන විට අනුරාධපුර සංචාරක පොලීසිය, අනුරාධපුර පුරාවිද්‍යා අධ්‍යක්ෂ කාර්යාලය පරිශ්‍රය, අනුරාධපුර හෝටල් පාසල සහ පූජා නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටව තිබුණි.

ජය ශ්‍රී මහා බෝධි මාවතේ පිහිටා ඇති සංචාරක පොලීසිය, පුරාවිද්‍යා කාර්යාලය හා හෝටල් පාසල මල්වතු ඔයේ ජල මට්ටම වැඩි වී එය පිටාර ගැලීම හේතුවෙන් මෙලෙස ජලයෙන් යට විය. ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට අඛණ්ඩව ලැබෙන වර්ෂාව හේතුවෙන් කලා වැව, නාච්චාදූව, නුවරවැව ඇතුළු ප්‍රධාන වැව්වල සහ කුඩා වැව් රැසක වාන් ජලය, මල්වතු ඔයට එකතු වීමෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

මල්වතු ඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බවත්, එහි ජලය අනුරාධපුර පැරණි පූජා නගරය, තන්තිරිමලය හරහා මන්නාරම දක්වා ගලා බැසීම හේතුවෙන් මල්වතු ඔය දෙපස පහත් බිම්වල ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

අනුරාධපුර සංචාරක – බී.ජී. චතුරංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT