ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙසින් මුහුදු මඟින් ගෙන්වන ලද රුපියල් ලක්ෂ 120ක් පමණ වටිනා කහ තොගයක් ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබියදී නොරොච්චෝල පොලිස් බලප්‍රදේශයට අයත් ඉලන්තඩිය වෙරළ තීරයේදී ලොරි රථයක් සහ සැකකරුවකු සමඟ ඊයේ (21) අත්අඩංගුවට ගත් බව නොරොච්චෝල පොලීසිය පැවසීය.
නොරොච්චෝල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. ධර්ම කුමාර මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කොට තිබේ. අත්අඩංගුවට පත් කහ ඇසුරුම් 51ක් තුළ කහ කිලෝ ග්‍රෑම් 2,000ක් පමණ තිබී ඇති අතර, සැකකරු වයස අවුරුදු 21ක අයෙකි. සැකකරු සහ නඩු භාණ්ඩ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
කල්පිටිය – පද්මා කුමාරි, පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර