මුලතිව් පුදුකුඩිඉරිප්පු රජයේ වී ගබඩාව සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු යුද හමුදා නිලධාරීන් විසින් පෙරේදා (20) ආරම්භ කර ඇත. මෙවර මාස් කන්නයේ වී තොග මිලට ගැනීමට පෙර උතුරු පළාතේ පිහිටි රජයේ සියලුම වී ගබඩා පිරිසිදු කිරීමටත්, ඒවායෙහි තීන්ත ආලේප කොට අලංකාර ලෙස පවත්වා ගෙන යාමටත් යුද හමුදාව දායකත්වය ලබා දීමට පියවර ගෙන තිබේ. මේ සඳහා යුද හමුදාවේ සාමාජිකයින් හතළිහක් පමණ එක් වරකට සේවයේ යොදවා ඇත. පුදුකුඩිඉරිප්පු රජයේ වී ගබඩාව කොරෝනා වසංගතයටත් පෙර කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අත්හැර දමන ලද වී ගබඩාවක් වන අතර එම ගබඩාව අත්හැර දැමීමෙන් පසුව අවට ප්‍රදේශවල තරුණයින් විවිධ විෂමාචාර ක්‍රියා සිදු කිරීමට හොඳ තිප්පළක් වශයෙන් මෙම වී ගබඩාව යොදා ගෙන තිබූ බවට ප්‍රදේශවාසීහු පවසති.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ