පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් බෙදා හැරීම සඳහා වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ මදනමෝදක ගුළි 12,000ක් සමඟ පුද්ගලයකු පෙරේදා (20) පස්වරුවේදී අත්අඩංගුවට ගත් බව ගොඩකවෙල පොලීසිය පවසයි.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට රත්නපුර දෙසට වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබිය දී හදිසි රථවාහන පරීක්ෂා කිරීමකදී මෙම ගුළි තොගය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මදනමෝදක ගුළි 12,000 වටිනාකම රුපියල් ලක්ෂ තිහක් (30,00000) පමණ වේ. අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ සිංහල බෙහෙත් වෙළෙඳසල් සඳහා අලෙවි කිරීමට රැගෙන යන බවයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පනාමුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කෙසේ නමුත් පොලීසිය අනුමාන කරන්නේ කිසිදු අවසර පතක් නොමැති මෙම ගුළි රැගෙන යන්නේ නීති විරෝධි ලෙස රහසේ පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් වෙළෙඳසල් වෙත අලෙවි කිරීමට බවට යැයි පොලීසිය සැක පළ කර සිටියි.
මැදිරිගිරිය සමූහ – ඩබ්.ඒ. පියතිලක