මතක වස්ත්‍ර පූජා කරමින් තම උපන් දිනයදා ජීව පාංශුකූල මතක වස්ත්‍ර පූජාවක් පවත්වමින් වෙනස්ම ආකාරයකට තම උපන් දිනය සැමරූ අපූරු අත්දැකීමක් පසුගිය දා අනුරාධපුරයේදී අප කැමරා කාචයට හසුවිය.
වසර ගණනක් දරු දැරියන්ගේ ණැන පෑදූ කොළඹ නාලන්දා විදුහලේ විශ්‍රාමික ගුරුවරයෙකු වූ, ඩබ්.එම්. භානුක ජයසිංහ මහතා තම 70 වන උපන් දින සැමරුම Òමරණය සමරමුÓ නමින් වෙනස්ම ආකාරයේ උපන් දින සැමරීමක් ලෙස පසුගිය 11 වැනිදා සිදු කළේය.
එදින උදෑසන රුවන්වැලි මහා සෑ රදුන් වෙත උදෑසන කිරි ආහාර පූජා කරමින් ආරම්භ කළ උපන් දින සැමරුම ජයසිංහ මහතා ඇතුළු පිරිස පස්වරු කාලයේ ‘ජීව පාංශුකූල මතක වස්ත්‍ර පූජාව’ සිදු කෙරිණි.
උපතින් රැගෙන එන මරණය අනුස්මරණය කරමින් ජීවත්වීම තමන්ට සහ සමාජයට යහපතක් වන බව පසක් කරමින් මොහු තමන් ජීවත්ව සිටියදීම, තමන් වෙනුවෙන් ජීව පාංශුකූල මතක වස්ත්‍ර පූජාවක් සිදුකර ඇති බව අනුශාසනාවක් කරමින් මහකුඹුක්වැවේ නන්දාලෝක හිමියෝ පැවසූහ.
ඒ මහතා උසස් අධ්‍යාපනය හැදෑරූ විශ්වවිද්‍යාල මිතුරන් හා සිප්ණැන බෙදා දුන් නාලන්දා විදුහලේ ගුරු භවතුන්ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර පිහිටි තම නිෙවසේ දී මෙලෙස මතක වස්ත්‍ර පූජාව සිදු කළේය.
මෙහිදී උපන් දිනය සඳහා ආරාධනා පත්‍රය මරණ දැන්වීමක් ලෙස සකස් කර දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින තම ගුරුවර ගුරුවරියන්ට, පාසලේ සහ විශ්වවිද්‍යාල මිතුරු මිතුරියන්ට ජයසිංහ මහතා විසින් යවා තිබූ අතර ඇතැම් අය එම දැන්වීම දැක මුලින් කනගාටුවට පත්ව පසුව එම සිදුවීම තේරුම් ගෙන පැමිණ තිබුණි.
මහකුඹුක්වැව රාජමහා විහාරාධිකාරි ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපශාලාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද මහකුඹුක්වැවේ නන්දාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි පැවති මෙම වැඩසටහනේ දෙන පියනක අනුරුවක් යොදා ගනිමින් Òමරණය සමරමුÓ ලෙසින් ජීව පාංශුකූල මතක වස්ත්‍ර පූජාවක් පැවැත්වීමට කටයුතු කොට තිබිණි.
මෙම අවස්ථාවට පූජනීය මහා සංඝරත්නය ඇතුළුව දිවයිනේ නන් දෙසින් පැමිණි පිරිසක් සහභාගීවූහ.
අනුරාධපුර සංචාරක – බී.ජී. චතුරංග