අධික වර්ෂාවත් සමඟ කිළිනොච්චියේ අයියන්කුලම වැවේ වැව් බැම්ම ස්ථාන දෙකකින් පෙරේදා (20) රාත්‍රියේ කඩාගෙන ගොස් ඇත.
මේ වනවිට එම වැවේ ජලය පහත් බිම් කරා ගලා යන්නට පටන්ගෙන තිබේ. පහත් බිම්වලට ගලා ගිය ජලයෙන් කිළිනොච්චිය, අයියන්කුලම වැව යටතේ වගා කොට තිබූ කුඹුරු අක්කර 348ක අස්වැන්න නෙළීමට ආසන්නයේ තිබූ ගොයම් ජලයෙන් යට වී ඇත. වැවේ ජලය ගලාගෙන යාම නිසා පහත් බිම්වල පිහිටි නිවාස හා මාර්ග කිහිපයක් ද ජලයෙන් යට වී තිබේ.
අයියන්කුලම වැවේ වැව් බැම්ම කඩාගෙන ගිය ස්ථාන දෙකේම හටගෙන තිබෙන විශාල කඩවලවල් දෙක, වැලි ගෝණි පුරවා බේරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, වැවේ ජලය ගලාගෙන යාමේ වේගය වැඩි වීමත් සමඟම එම කඩවලවල් දෙකේ විශාලත්වය වැඩි වෙමින් පවතින බවත් කිළිනොච්චිය ගොවි සංවිධානයේ සභාපති එස්. අරුල් රාජා මහතා ප්‍රකාශ කළේය.
උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ