Monday, April 21, 2025
Home » ප්‍රංශ තානාපතිනිය මධ්‍යම පළාත් ආණ්ඩුකාර හමුවෙයි

ප්‍රංශ තානාපතිනිය මධ්‍යම පළාත් ආණ්ඩුකාර හමුවෙයි

by sachintha
January 22, 2025 1:58 am 0 comment

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ ප්‍රංශයේ මෙරට තානාපතිනි මාරී නොයෙල් ඩුරිස් (Mrs Marie Noelle Duris) මහත්මිය අතර හමුවක්, මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී පෙරේදා (20) පැවැත්විණි. මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ ප්‍රංශ තානාපතිවරිය අතර දෙරටේ ඓතිහාසිකව පවතින මිත්‍රත්වය හා සබඳතා පිළිබඳව ද, උසස් අධ්‍යාපන, සංස්කෘතික, සංචාරක යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා කෙරිණි. එමෙන්ම ප්‍රංශ රජයේ අනුග්‍රහය යටතේ මෙරට පොදු ප්‍රවාහන සේවා වැඩිදියුණු කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි. මෙම හමුව සංකේතවත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ප්‍රංශ තානාපතිනිය වෙත සමරු සිහිවටනයක් ද පිරිනමනු ලැබීය.

මධ්‍යම පළාත් සමූහ නිහාල් ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT