Monday, April 21, 2025
Home » කොළොන්නාව උප තැපැල් කාර්යාලයට ස්ථානාධිපතිවරයෙක් දෙන්න

කොළොන්නාව උප තැපැල් කාර්යාලයට ස්ථානාධිපතිවරයෙක් දෙන්න

-ප්‍රදේශවාසීහු ඉල්ලති

by sachintha
January 22, 2025 1:56 am 0 comment

තැපැල් ස්ථානාධිපතිවරයකු නොමැතිකමින් කොළොන්නාව උප තැපැල් කාර්යාලය වසා දමා දැනට මාස තුනකටත් වැඩි

කාලයක් ගතවී ඇතත් මෙතෙක් ස්ථානාධිපතිවරයකු පත්කිරීමට බලධාරීන් පියවර ගෙන නොතිබීම, එම තැපැල්හලින් සේවය ලබාගත් තමන්ට මහත් ගැටලුවක්ව පවතින බව ප්‍රදේශවාසීහු පවසති. කොළොන්නාව නගර සීමාව තුළ පිහිටුවා තිබෙන එකම උප තැපැල් කාර්යාලය මෙය බවත්, මෙම තැපැල්හලේ මීට පෙර සේවය කළ තරුණ තැපැල් ස්ථානාධිපතිවරිය එම තැපැල්හලේම ගෙල වැළලාගෙන සිය දිවි හානිකර ගැනීම මෙම ධුරය පුරප්පාඩු වීමට හේතුව බවත් ඔවුහු පෙන්වාදෙති. මෙම තැපැල් කාර්යාලය මෙසේ වසා දමා තිබීමෙන් තැපැල් මුද්දර මිලදී ගැනීමට මෙන්ම, සාමාන්‍ය හා ලියාපදිංචි ලිපි තැපැල් කිරීම වැනි කටයුතුවලට පවා මීටර් කිහිපයක් දුරින් පිහිටි වැල්ලම්පිටිය ප්‍රධාන තැපැල් කාර්යාලය වෙ‍තටම යාමට තමන්ට සිදුවී ඇති බව එම ප්‍රදේශවාසීහු සඳහන් කරති.

කොළොන්නාව සමූහ – ඒ. සුමනසේන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT