කල්පිටිය සංචාරක කලාපයේ කුඩාව සංචාරක හෝටල්, සංචාරක නිවස්න ඇතුළු ධීවර ගම්මානය මුළුමනින්ම මුහුදු ඛාදනයට ලක්ව ඇතැයි ජනතාව චෝදනා කර සිටිති. මින් ඉහත වාරකන් කාලයට සීමා වී තිබූ මුහුදු ඛාදනය මේ වන විට වසර පුරාම සිදුවන ව්‍යවසනයක් බවට පත්ව ඇතැයි ඔවුහු වැඩිදුරටත් පවසති. කුඩාව ආකර්ෂණීය සංචාරක හෝටල් රැසක ගෙමිදුල වූ වෙරළ තීරය දැන් ඔවුනට අහිමි වී ගොස් ඇත. කල්පිටිය අර්ධද්වීපයේ සංචාරක සංගමයේ ලේකම්, ඕෂන් වීව් හෝටලයේ හිමිකරු ඩබ්.එම්. සුගත් එම්මානුවෙල් මහතා ඒ පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.
Òකල්පිටිය සංචාරක කලාපයේ ඉතාම වැදගත් කලාපයක් කුඩාව කියන්නේ. රටට අවශ්‍ය ඩොලර් උත්පාදනයේ උල්පතක් හැටියට මෙම ප්‍රදේශය කිව හැකියි. මෙහි සංචාරක නිකේතන පවත්වාගෙන යන ආයෝජකයන් මේ ඉඩම් මිලට අරන් තියෙන්නේ කෝටි ගණන්වලට. මේ මුහුදු ඛාදනය නිසා ඔවුන්ට අහිමි වෙන්නේ එම ඉඩම් තමයි. සංචාරක කර්මාන්තයෙහි නියැළෙමින් ජීවත් වන බොහෝ දෙනකුටත්, ඔවුන්ගේ රැකියාවන්ටත් මෙම ගැටලුව කෙළින්ම බලපානවා. තවත් අතකින් කුඩාව පදිංචි ධීවර පවුල් 30කට වැඩි ජනතාවකගේ ගම්බිම් අහිමි වීමේ අවදානමක් මේක. වැලි කොට්ට දාලා සිදු කරන තාවකාලික විසඳුම් එපා. මේකට තිරසර විසඳුමක් දෙන්න.Ó
මේ සම්බන්ධයෙන් වෙරළ සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු සකුන්තල පද්මසිරි මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙලෙස කීවේය.
Òකල්පිටිය සංචාරක කලාපයේ මුහුදු ඛාදනය සඳහා විසඳුම් යෝජනා කිරීමේ දී දෙවරක් සිතිය යුතුයි. මන්ද යත් සංචාරක කලාපයක් වන නිසා සංවේදී පරිසරයට හානි නොවන විසඳුමක් පිළිබඳව වඩාත් උනන්දු වෙනවා. මුහුදේ වැලි සංසරණය වීම සහ යළි තැන්පත් වීම ස්වාභාවික සංසිද්ධියක්. වැලි කොට්ට මඟින් මුහුදු ඛාදනය පාලනය කිරීමට අපි උත්සාහ ගන්නවා. නමුත් තත්ත්වය බරපතළ නම් තවදුරටත් පාලනය අසීරු නම් පමණක් අපේ අවසන් විසඳුමට යනවා. ගල්වැටි දැමීම මඟින් පරිසරයට යම් තරමක හානියක් සිදු වුණත් අපිට ඒ විසඳුමට යන්න වෙනවා.Ó
කල්පිටිය සමූහ – කුමාරී පද්මලතා