Home » එජාප – සජබ සාකච්ඡා සාර්ථකයි – සජබ මහලේකම්

එජාප – සජබ සාකච්ඡා සාර්ථකයි – සජබ මහලේකම්

by chanaka
January 22, 2025 10:07 am 0 comment

එක්සත් ජාතික පක්ෂය හා සිදුකළ පළමු සාකච්ඡාව සාර්ථක බවත් ඒ අනුව පක්ෂ දෙක ඒකාබද්ධ කිරීමට එකගත්වය පළවූ බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

පක්ෂ දෙක ඒකාබද්ධ කරන ආකාරය සහ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් තවදුරටත් මේ සතියේදී සාකච්ඡා කරන බවත් ඔහු පැවසීය.

මෙම සාකච්ඡා සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් තලතා අතුකෝරල, රුවන් විජයවර්ධන සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක සහ කබීර් හෂීම් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT