Wednesday, April 23, 2025
Home » ජනපති ගෝඨාභය කාලෙත් ක්ලීන් ශ්‍රී ලංකා සිදු වුණා – මන්ත්‍රී නාමල් රාජපක්ෂ
ක්ලීන් ශ්‍රී ලංකා විවාදයේදී මැතිසබය උණුසුම් වෙයි

ජනපති ගෝඨාභය කාලෙත් ක්ලීන් ශ්‍රී ලංකා සිදු වුණා – මන්ත්‍රී නාමල් රාජපක්ෂ

by sachintha
January 22, 2025 2:07 am 0 comment

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ (21 වැනිදා) පැවති විවාදයේ දී හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිදු කළ අදහස් දැක්වීමට ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය දැක්වීම හේතුවෙන් සභාව දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය.

ඊට මූලික ලෙසම හේතු වූයේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමයේදීත් සිදු වූයේ මේ ක්‍රියාවලියම යනුවෙන් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීම හේතුවෙනි.

එදත් ගෝඨාභය ජනපතිගේ කාලේ කළේ මේකම තමයි. එදා ඔබතුමාලා චෝදනා කළා ත්‍රිවිධ හමුදාව යොදවලා කානු සුද්ද කරනවා කියලා. ඒකම තමයි අදත් වෙන්නේ. සුද්ද කරන්න දාලා තියෙන්නේ ත්‍රිවිධ හමුදාව. කමක් නැහැ කරන්න හැබැයි නිසි ක්‍රමයක් අනුගමනය කරන්න. රෙගුලාසි පනවන්න. ඒ වගේම තමුන්නාන්සෙලා කිව්වා බස් ත්‍රීවිල්වල කෑලි නිසා අනතුරු වැඩියි කියලා. ඒ කෑලි ඉවත් කරලා මුදල් ගෙවලා කෑලි සවි කරගත්තාම අනතුරු නැද්ද. එතකොට අනතුරු නැහැ කියලා පොලීසිය කියනවා.

සභානායක බිමල් රත්නායක මහතා,

මමයි ප්‍රවාහන ඇමැති, කවුද එහෙම කිව්වෙ?

නාමල් රාජපක්ෂ මහතා,

මුදල් ගෙව්වාම කෑලි සවි කරන්න පුළුවන්ද බැරිද කියලා මට කියන්න.

මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල

මොන පොලීසියෙන් ද කියලා තියෙන්නෙ.

විපක්ෂය

දන්නෙ නැද්ද……… දන්නෙ නැද්ද……..

කරුණු ඇතිව කතා කරන්න

ඇමැති ආනන්ද විජේපාල

සභානායකවරයා,

මම අහන්නේ කවුද එහෙම කිව්වේ? ඒකෙන් පැනලා යන්න. වෙන වෙලාවක හරි කියන්න.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

පොලීසියෙන් කියන්නේ.

මහජන ආරක්ෂක ඇමැතිවරයා

මොන පොලීසියෙන් ද? (ආණ්ඩු පක්ෂයේ ඝෝෂා)

ශ්‍රී ලංකා පොලීසිය. වෙන පොලිසියක් නැහැනෙ. ඔබතුමාලා කෑ ගැහැව්වට වැඩක් නැහැ. මේක අහගන්න. මේක මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක්. මේක නාමල් කිව්වා කියලා දැන් ගිහිල්ලා පොලිස් කොමිසටම චෝදනා කරන්න එපා. මේක රටක්. මේක රටක්. ඔබතුමාලට ප්‍රශ්නයක් තියෙවා නම් ආරක්ෂක මණ්ඩලයේ දී කතාකරන්න.

මහජන ආරක්ෂක ඇමැතිවරයා

කවුද, තාජුඩීන්ලා ලසන්ත වික්‍රමතුංගලා ඝානතය කළේ. මිනීමරුවො කතා කරන්න එපා. බබා වගේ කතාකරන්න එපා.

නාමල් රාජපක්ෂ රාජපක්ෂ මහතා,

අගමැතිතුමිය පොලීසිය භාර ඇමැතිට කියන්න කතා කරන හැටි ඉගෙන ගන්න කියලා. මේ ළමයව වාඩි කරන්න. නැත්නම් අගමැතිතුමියටත් හොඳ නැහැ. මම ප්‍රශ්නයක් නැඟුවම කෑ ගහලා වැඩක් නැහැ. ඉස්සරවෙලා ඔබතුමාලා ක්ලීන් වෙලා ඉන්න. 159න් පටන් ගන්න ඊට පස්සේ පෙර පාසලට යන්න. විපක්ෂය මර්දනය කරලා බය කරලා වැඩක් නැහැ. අපිත් එහෙම හිතුවා. ඒ නිසා තමයි අපිට කෙළ වුණේ. (ආණ්ඩු පක්ෂයේ ඝෝෂා)

මන්ත්‍රීවරයා

මම වැරැද්ද පිළිගත්තා. තමුන්නාන්සේලා හොඳට හැසිරෙන්න ඉගෙන ගන්න

ස්වර්ණා විජේකෝන් සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT