Home » හලාවත වැවිලි සමාගමේ කෝටි 74ක වංචාවක්

හලාවත වැවිලි සමාගමේ කෝටි 74ක වංචාවක්

-ඇමැති සමන්ත විද්‍යාරත්න

by sachintha
January 22, 2025 3:06 am 0 comment

හලාවත වැවිලි සමාගමේ වැලි කැණීම් කටයුතුවලදී සිදුව ඇති වංචාවකින් රුපියල් මිලියන 746.6ක මුදලක් රජයට අහිමි වී ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන අතර මීට සම්බන්ධ තැනැත්තා කවුරුන් ද යන්න නිශ්චිතව සඳහන් කළ නොහැකි බවත් දේශපාලකයන් දෙදෙනකුට චෝදනා එල්ලවී ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ සිදු කරන බවත් ඉදිරියේදී අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් විද්‍යාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

පසුගිය සමයේදී සීමාසහිත හලාවත වැවිලි සමාගම සතු ඉඩම්වල වැලි කපා අලෙවි කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා (21) පාර්ලිමේන්තුවේදී යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

විගණන පරීක්ෂණ ගණනාවක් සිදු වෙනවා. හලාවත වැවිලි සමාගමේ වැලි කැණීම් කිරීමට තීරණය කර තිබෙනවා. හලාවත වැවිලි සමාගමට අයිති පලෙයි කියන ප්‍රදේශයේ, දීපු ප්‍රමාණයට වඩා වැලි කැණීමක් සිදුවෙලා තියෙනවා. වැලි කැණීම් මඟින් 2021 දී ආදායම් අපේක්ෂා කර තිබෙනවා. ටෙන්ඩර් කර සමාගම් වෙත ලබාදී තිබෙනවා. 2021 දී මිලියන 47 .2ක ආදායමක් සමාගම ලබා තිබෙනවා. 2022 දී අලෙවි කිරීමෙන් මිලියන 61.2 ක් ලබා තිබෙනවා. 2023 දී වැලි අලෙවියෙන් මිලියන 24.4 ක් ලබා තිබෙනවා. ඒ අනුව වැලි අලෙවියෙන් සමාගම රුපියල් මිලියන මිලියන 132 . 8 ක්. නමුත් විගණන වාර්තාව අනුව මෙතන විශාල වංචාවක් සිදුව තිබෙන බව වාර්තා කර තිබෙනවා. ඒ අනුව මුක්කුතුඩුවාව කියන ප්‍රදේශයේ. වැලි කැණීම් නිසා රජයට අහිමි වී ඇති මුදල රුපියල් මිලියන 746.6 ක්.

පොල් අලෙවියෙන් හලාවත වැවිලි සමාගම උපයා තිබෙන ආදායම හා වැලි අලෙවියෙන් අපට අහිමි වී ඇති ආදායම සමානයි. හලාවත වැවිලි සමාගම සතු පලෙයි කියන ප්‍රදේශය තුළත් දීපු ප්‍රමාණයක් වැලි කැණීම් සිදුව තිබෙනවා.

ස්වර්ණා විජේකෝන් සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT