Home » මනූෂගෙන් පැය හයක් ප්‍රශ්න කරයි

මනූෂගෙන් පැය හයක් ප්‍රශ්න කරයි

by sachintha
January 22, 2025 3:03 am 0 comment

දකුණු කොරියාවේ E 08 රැකියා වීසා ගැටලුව සම්බන්ධයෙන් කෙරන විමර්ශනයකට අදාළව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය විසින් පැය 06ක පමණ කාලයක් ඊයේ (21) දීර්ඝ ලෙස ප්‍රශ්න කරනු ලැබීය.

මනූෂ නානායක්කර මහතා ඇමතිවරයාව සිටියදී එම රැකියා වීසා සම්බන්ධයෙන් ගිවිසුම්ගතව තිබී ඇත. එම ගිවිසුම සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු සහගත තත්ත්වයක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භකර ඇති විමර්ශනයකට අදාළව මනූෂ නානායක්කර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදී ඇත්තේ අපේක්ෂිත ඇපයක්ද අධිකරණයෙන් ලබාගැනීමෙන් අනතුරුවය.

මනූෂ නානායක්කාර මහතාව පෙර අවස්ථාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණ ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ නැත. ඒ වෙනුවට ඔහු අපේක්ෂිත ඇප අයදුමක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. පෙරේදා (21) අධිකරණයේදී එම ඇප අයදුම සලකා බැලීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කරනු ලැබුවේ මනූෂ නානායක්කාර මහතාව අත්අඩංගුවට ගැනීමට ඒ වන විට අවශ්‍ය නොවන බවය. එහිදී මනූෂ නානායක්කාර මහතාගේ නීතීඥවරු අධිකරණයට කරුණු දක්වමින් සඳහන්කරනු ලබන්නේ 21 වෙනිදා ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බවය. හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ පෙනී සිටින්නේ ඒ අනුවය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT