Home » පාසල් පිරිවෙන් සිසුන්ට පාවහන් ගන්න 3000ක්

පාසල් පිරිවෙන් සිසුන්ට පාවහන් ගන්න 3000ක්

by sachintha
January 22, 2025 3:00 am 0 comment

පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සිල්ම­ාතාවන් 822, 300ක් සඳහා පාසල් පාවහන් යුගලක් මිල දී ගැනීමට රුපියල් 3000ක තිළිණ පතක් ලබා දීමට රජය තීරණය කර තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැතිවරිය ලෙස අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණවිය ඉදිරිපත් කළ ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (21) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව සිසුන් 250ට අඩු පාසල් 6000ක ඉගෙනුම ලබන සිසුන් 650000ක්, සිසුන් සංඛ්‍යාව 250ට අඩු පාසල් කාණ්ඩයට අයත් නොවන දිවයින පුරා පිහිටි වතු පාසල්වල සිසුන් 140000ක්, විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ඉගෙනුම ලබන පාසල් 28ක සිසුන් 2300ක් හා පිරිවෙන්වල ඉගෙනුම ලබන තෝරාගත් ගිහිපැවිදි පිරිවෙන් සිසුන් 30000කට මෙම තිලිණ පත් හිමි වන බව ඒ මහතා කියා සිටියේය.

2025 වසරේ සිට තෝරාගත් පාසල් සිසුන් සඳහා පාසල් පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කර ඇති අතර 2020 වසරේ සිට 2023 වසර දක්වා තෝරාගත් පිරිවෙන්වල ගිහිපැවිදි සිසුන් හා සිල්මාතාවන්ද එම වැඩසටහන යටතට ඇතුළත් කර ගනු ලැබ ඇති බව ඒ මහතා කීවේය.

2025 වසර සඳහා එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද නිලධාරී කමිටුවක නිර්දේශ මත පදනම්ව මෙම දීමනාව ලබාදීමට තීරණය කර තිබෙන බව ඇමැතිවරයා පැවැසීය.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT