නව මැගසින් බන්ධනාගාරයේ සිටින රැඳවූවකු බැලීම සඳහා දුම්කොළයක් සඟවාගෙන පැමිණි මොරටුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පෙරේදා ( 20 ) දහවල් 12.00ට පමණ මෙම කාන්තාව අදාළ රැඳවූවා බැලීමට නව මැගසින් බන්ධනාගාරයේ ඉදිරි දොරටුව වෙත පැමිණ ඇති අතර අමුත්තන් බැලීමේ රාජකාරියේ යෙදී සිටි බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන්ට ඇති වූ සැකය මත සිදුකළ සෝදිසියේදී ඇය ගමන්මල්ලක් තුළ සූක්ෂ්ම ආකාරයට සගවන ලද මෙම දුම්කොළය හමුවී තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාව හා මත්ද්‍රව්‍ය ඉදිරි නීතීමය කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දෙන ලදී. සිදුවීම සම්බන්ධයෙන් නව මැගසින් බන්ධනාගාරය මඟින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පවසයි.
බුද්ධිකා ඉඹුලාන