ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු වන පොඩි තිලිණ නැමැත්තාගේ ගෝලයෙක් රුපියල් කෝටි තුනහමාරක් පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙකකට ආසන්න ප්‍රමාණයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරසිංහ මහතාගේ මෙහෙයවීම මත පොලිස් පරීක්ෂක ඊ.ඒ.ඩබ්ලිව්. ලක්මාල් ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් හංවැල්ල පොලිස් වසමේ නිරිපොළ ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී මෙම මත්කුඩු තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ගෙවත්තේ වළදමා තිබී මෙම මත්කුඩු තොගය සොයාගෙන ඇත.
මත්කුඩු තොගයට අමතරව මුදලින් රුපියල් ලක්ෂයක් ද සොයාගෙන ඇති අතර සැකකරු සහ මත්කුඩු තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී තිබේ.