57
තරුණ ප්‍රජාව නියෝජනය කරන යොවුන් පාර්ලිමේන්තුව රටේ තීන්දු තීරණ ගන්නා පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන බව තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.
යෞවන සමාජ සම්මේලනයේ කෘත්‍යාධිකාරී මණ්ඩල නියෝජිතයන් සහ යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් පෙරේදා (20) තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර මහතා හමුවී පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මේ බව ප්‍රකාශ කළේය.
යෞවන සමාජ සම්මේලනයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් යෞවන සමාජ සම්මේලනය ප්‍රතිස්ථාපනය කිරීම ගැන මෙහිදී ඇමැතිගේ විශේෂ අවධානයට යොමු කෙරිණි.
මලිඳු තෙන්නකෝන්