Home » පුහුණු පෝතක සහ මාධ්‍ය සහාය දිසා කොමසාරිස්වරුන්ගේ වැඩමුළුවෙන්…

පුහුණු පෝතක සහ මාධ්‍ය සහාය දිසා කොමසාරිස්වරුන්ගේ වැඩමුළුවෙන්…

by sachintha
January 22, 2025 1:05 am 0 comment

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධාන කළ පුහුණු පෝතක සහ මාධ්‍ය සහාය දිසා කොමසාරිස්වරුන්ගේ වැඩමුළුවක් පසුගියදා (18) ජාතික බාලදක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.

ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා සහාය ප්‍රධාන කොමසාරිස් (මාධ්‍ය හා සංස්කෘතික) ප්‍රභාත් කුලරත්න, සහාය ප්‍රධාන කොමසාරිස් (පෝතක) රේණුකා සිල්වා මහත්ම මහත්මීන්ගේ අධීක්ෂණය යටතේ මේ වැඩමුළුව පැවැත්වුණ අතර 2024 වර්ෂයේ දී එම අංශ දිස්ත්‍රික් මට්ටමින් කර ඇති කාර්යභාර්ය හා 2025 වසර සඳහා කළයුතු කාර්යභාර්ය පිළිබඳව මෙහිදී දැනුම්වත් කළේය.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස්. මුහීඩ් මහත්වරුන් ඇතුළු සහාය ප්‍රධාන කොමසාරිස්වරුන්, මූලස්ථාන කොමසාරිස්වරුන්, සහාය මූලස්ථාන කොමසාරිස්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT