Monday, April 7, 2025
Home » දූෂණය පිටු දැකීමට ගෙන ඇති පියවර: ශ්‍රී ලංකාවේ එ:ජා:නේවාසික සම්බන්ධීකාරක මහජන ආරක්ෂක ඇමැති සාකච්ඡා

දූෂණය පිටු දැකීමට ගෙන ඇති පියවර: ශ්‍රී ලංකාවේ එ:ජා:නේවාසික සම්බන්ධීකාරක මහජන ආරක්ෂක ඇමැති සාකච්ඡා

by sachintha
January 22, 2025 1:04 am 0 comment

නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමටත් දූෂණය පිටුදැකීමටත් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රෙ ෆ්‍රැන්චෙ (Marc-André Franche) මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතාට සිය ප්‍රසාදය පළ කර තිබේ. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රෙ ෆ්‍රැන්චෙ (Marc-André Franche) සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා අතර හමුවක් බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේ පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ (21) පැවති හමුවකදී ඒ බව සඳහන් කළ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. නව රජයේ වැඩපිළිවෙළ පිළිබඳව මාර්ක් අන්ඩ්‍රෙ ෆ්‍රැන්චෙ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් සිය සතුට පළ කළේය. නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමටත් දූෂණය පිටුදැකීමටත් ගෙන ඇති පියවර ගැන ඒ මහතා සිය ප්‍රසාදය පළ කළේය.

අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය හා සංවර්ධන උපදේශක පැට්‍රික් මැකාර්ටි (Mr. Patrick Mc Carthy) මහත්වරු ද සාමය සහ සංවර්ධන විශ්ලේෂක නෙත්මිණී මැදවල මෙණෙවිය ද මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT