Monday, April 21, 2025
Home » ශුද්ධ වූ ජුසේවාස් පියතුමා ස්මරණය කෙරෙන විශේෂ දේව මෙහෙයක් මහනුවර දී

ශුද්ධ වූ ජුසේවාස් පියතුමා ස්මරණය කෙරෙන විශේෂ දේව මෙහෙයක් මහනුවර දී

by sachintha
January 22, 2025 1:44 am 0 comment

කතෝලික දහම මෙරට ප්‍රචලිත කිරීමට සුවිශාල මෙහෙවරක් කළ ශුද්ධ වූ ජුසේවාස් පියතුමන් ස්මරණය කරමින් විශේෂ දේවමෙහෙයක් පසුගියදා මහනුවර රදගුරු පදවියට අයත් අම්පිටිය මීසමේ පිහිටි ශුද්ධ වූ ජුසේවාස් දේවස්ථානයේදී පැවැත්විණි. ලන්දේසි පාලන සමයේ මෙරට කතෝලික බැතිමතුන්ට ආගම ඇදහීමේ නිදහස අහිමි කර තිබියදී ඉන්දියාවේ ගෝවේ සිට 1687දී මෙරටට පැමිණි ජුසේවාස් පියතුමන් රට පුරා ගමන් කරමින් කතෝලික දහම යළි රටේ ස්ථාපිත කිරීමට මහත් වූ කැපවීමක් කර තිබේ.

මහනුවර, අම්පිටිය දේවස්ථාන පරිශ්‍රයේදී 1711 වසරේදී ස්වර්ගස්ථ වූ ජුසේවාස් පියතුමන් පාප්වහන්සේ විසින් 2015 වසරේ ජනවාරි මස 14 වැනි දින ශුද්ධවරයට ඔසවන ලදි. ඒ නිමිත්තෙන් වසර 10ක කාලයක් තිස්සේ මහනුවර ජුසේවාස් දේවස්ථානයේදී දේවමෙහෙයක් පැවැත්වෙන අතර මෙවර එම වැඩසටහන පවත්වනු ලැබුවේ විශ්‍රාමික රදගුරු ජෝෂප් වියානි ප්‍රනාන්දු රදගුරු ප්‍රසාදීන් වහන්සේගේ ප්‍රධානත්ව‍ෙයනි.

ගිය වසරේ සිට ගෝවේ සිට සංචාරකයන් කණ්ඩායමක් මහනුවරට පැමිණීම විශේෂත්වයකි. පසුගිය වසරේ 65කගෙන් සමන්විත කණ්ඩායමක් ද මෙවර 116කගෙන් සමන්විත කණ්ඩායමක් ද මේ පූජෝත්සවයට සම්බන්ධ වන බවත් ලබන වසරේදී ගෝවේ සිට 300ක කණ්ඩායමක් මේ සඳහා පැමිණෙන බවත් වැඩසටහටනේ සම්බන්ධීකාරක නන්දි ධර්මරත්න මහතා කීය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT