Home » ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට දැඩිවෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට දැඩිවෙයි

by chanaka
January 22, 2025 12:04 pm 0 comment

යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහි සම්බාධක දැඩි කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු පැවසුවේ, රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ගිවිසුමකට එළැඹිය යුතු බවයි.

යුද්ධය අවසන් කිරීමට සාම ගිවිසුමක් අවශ්‍ය බව යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි තමාට දැන්වූ බව ජනපති ට්‍රම්ප් පැවසීය.

ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර සඳහන් කළේ, තමන් ජනපති වූ වහාම රුසියා – යුක්රේන යුද්ධය අවසන් කරන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT