Home » තුර්කි හෝටල් ගින්නෙන් මිය ගිය ගණන 76 දක්වා ඉහළට

තුර්කි හෝටල් ගින්නෙන් මිය ගිය ගණන 76 දක්වා ඉහළට

by chanaka
January 22, 2025 10:56 am 0 comment

තුර්කියේ බොලු නගරයේ නිවාඩු නිකේතනයක ඇති වූ ගින්නකින් 76 දෙනෙකු මිය ගොස් තිබේ.

මෙම ගින්න හටගෙන ඇත්තේ බොලු නගරයේ හිම ක්‍රීඩා පවත්වන නිවාඩු නිකේතනයකය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණි.

මේ දිනවල හිම ක්‍රීඩා කිරීම සදහා බොහෝ පිරිසක් නිවාඩු නිකේතනවලට පැමිණෙයි.

ගින්න හටගන්නා අවස්ථාවේදී ග්‍රෑන්ඩ් කාර්ටල් නමැති එම නිවාඩු නිකේතනයේ 234 දෙනෙකු නවාතැන් ගෙන සිට ඇති බව වාර්තා වේ.

ගින්නෙන් 10 දෙනෙකු මියගොස් ඇති බව බලධාරීන් ප්‍රකාශ කළත්, සෝදිසි මෙහෙයුම් වලදී තවත් 66 දෙනෙකුගේ සිරුරු හමුව ඇත.

බොහෝ පිරිසක් මියගොස් ඇත්තේ, නිවාඩු නිකේතනයෙන් පිටතට පැනීමට උත්සහ දැරීමේදී බව වාර්තා වේ.

ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයින්ට පැය 12ක් පමණ ගත වී තිබේ.

නිවාඩු නිකේතනයේ හිමිකරු ඇතුළු 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මියගිය 76 දෙනාගේ අනන්‍යතාව තවම තහවුරු කර නොමැත.

තුවාල ලැබූ 51 දෙනාගෙන් එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර 17 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන පිටත්ව ගොස් තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT