Monday, April 21, 2025
Home » අමෙරිකාවේ නව ජනපතිට රාජ්‍ය නායකයන්ගෙන් සුබපැතුම්

අමෙරිකාවේ නව ජනපතිට රාජ්‍ය නායකයන්ගෙන් සුබපැතුම්

by sachintha
January 22, 2025 1:10 am 0 comment

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලෝක රාජ්‍ය නායකයන් රැසක් සුබ පැතුම් පණිවුඩ යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්රේන යුද ගැටුම් පිළිබඳ අමෙරිකාවේ නව ජනාධිපතිවරයා සමඟ සංවාදයක නිරතවීමට බලාපොරොත්තු වන බව ඔහුට සුබ පතමින් රුසියානු ජනාධිපතිවරයා එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබා ඇති අතර, ට්‍රම්ප්ගේ දෙවැනිධුර පාලනයේදී ඉන්දියාව සහ අමෙරිකාව අතර සබඳතා වඩාත් ශක්තිමත් වනු ඇති බවත්, තවදුරටත් නව ජනපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඉන්දීය අගමැතිවරයා නියෝජනය කරමින් විදේශ ඇමැති එස්. ජයිශංකර් දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වී ඇති අතර, එහිදී ඉන්දීය අගමැතිවරයාගේ ලිපියක් ද ඩොනල්ඩ් ට්‍රම්ප්ට භාර දී ඇතැයි වාර්තා වේ. ට්‍රම්ප්ගේ දෙවැනිධුර පාලනයේදී ඉන්දියානු ජාතිකයන් රැසකට රජයේ සැලකිය යුතු තනතුරු ලැබී ඇති අතර, එය දෙරට අතර මිත්‍රත්වය පුළුල් කිරීමට ඉවහල් වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT