Home » අමෙරිකාවේ ටික්ටොක් තහනම දින 75කට අත්හිටුවයි

අමෙරිකාවේ ටික්ටොක් තහනම දින 75කට අත්හිටුවයි

-ට්‍රම්ප්ගේ තීරණයට ඉලෝන් මස්ක්ගේ ප්‍රසාදය

by sachintha
January 22, 2025 1:06 am 0 comment

ලොව පුරා දැඩි අවධානයට ලක්වූ අමෙරිකාව තුළ ටික්ටොක් සමාජ මාධ්‍යජාලය තහනම් කිරීම දින 75කට අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු ට්‍රම්ප් විසින් ගනු ලැබූ ප්‍රමුඛතම තීන්දු අතර එය කැපී පෙනෙන නියෝගයක් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ පියවර ගනු ලැබුවේ ඉදිරි දින 75ක කාලය තුළ අමෙරිකාවේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන ආකාරය පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමට බව එම නියෝගය නිකුත් කරමින් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

ටික්ටොක් තහනම භාෂණ නිදහසට පටහැණි බව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය ප්‍රසාදයට ලක්කරමින් ඉලෝන් මස්ක් ප්‍රකාශ කර ඇති අතර, ටික්ටොක් සමාජ මාධ්‍යජාලය අමෙරිකාව තුළ ක්‍රියාත්මක වීමට අවසර දී තිබුණද, සිය හිමිකාරීත්වය යටතේ ක්‍රියාත්මක වන එක්ස් සමාජ මාධ්‍යජාලය චීනයේ තහනම් කර ඇතැයි ද ඉලෝන් මස්ක් සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT