Home » බකමූණේ මහජන මුදල් ඈලියාවට

බකමූණේ මහජන මුදල් ඈලියාවට

by sachintha
January 22, 2025 1:34 am 0 comment

මීට වසර හතකට පෙර, ග්‍රාම ආර්ථික සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ස්වයං රැකියා කිරීමට කැමති කාන්තාවන් පිරිසක් සඳහා ලබා දීමට සූදානම් කරන ලද පෙට්ටි කඩ කාමර 11 ක් වසර හයක කාලයක් තිස්සේ පොලොන්නරුව බකමූණ නගරයට මීටර් පන්සියයකට ආසන්නව ප්‍රදේශයක පොළොවට දිරාපත් වෙමින් තිබේ.

ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තාවන් පිරිසක් සම්බන්ධ කරගනිමින් 2018 වර්ෂයේ දී ‘ ඇළහැර සවිලියෝ ‘ නමින් ව්‍යාපෘතියක් එම ප්‍රදේශයේ සිදු කරගෙන ගියද මෙම පෙට්ටි කඩකාමරවලින් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නොමැත.

ඇළහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය නැවතී වසර හයක් ගතවුවද මෙතෙක් එම ව්‍යාපෘතිය ආරම්භ නොකිරීම පිළිබඳ ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරවල නිරත කාන්තාවෝ අදාළ බලධාරීන්ට චෝදනා කරති.

ප්‍රදේශයේ කාන්තාවන් පවසන අන්දමට එවකට මෙම පෙට්ටි කඩයක් නිර්මාණය කිරීමට රුපියල් ලක්ෂ හතරකට වැඩි මුදලක් වැය කර ඇති බවත්, එවන් පෙට්ටි කඩකාමර එකොළහක් පමණ එම ස්ථානයේ දිරාපත් වෙමින් මලකඩ කා ගරා වැටීමට පත්ව ඇති බව ද පෙන්වා දෙති.

2018 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය අවුරුද්දක් පමණ මේ ස්ථානයේ ස්වයං රැකියා ආශ්‍රිත පාපිසි, කිතුල් පැණි, මී කිරි, පලතුරු වර්ග, අත්කම් නිර්මාණ ආදිය කාන්තාවන් පිරිසක් විසින් වෙළෙඳාම් කළද මේ වන විට මේ සියලු කඩකාමර එවකට භාවිත කළ අයවලුන් විසින් ඉබි යතුරු දමා වසාගොස් ඇති බවද ඇළහැර කාන්තාවෝ කියති.

පාළුවට හා විනාශයට පත්වෙමින් තිබෙන මෙම කඩකාමර පිහිටා තිබෙන ස්ථානය අපරාධකරුවන්ගේ තෝතැන්නක් බවට පත්ව ඇති අතර එම ස්ථානය සමාජ විරෝධී ක්‍රියාවන් සිදුවන පාරාදීසයක් වී තිබෙන බව ද ප්‍රදේශවාසීහු කියති.

මීට වසර හතකට පෙර, ග්‍රාමී ආර්ථික සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ස්වයං රැකියා කිරීමට කැමති කාන්තාවන් පිරිසක් සඳහා ලබා දීමට සූදානම් කරන ලද පෙට්ටි කඩකාමර 11ක් වසර හයක කාලයක් තිස්සේ පොලොන්නරුව බකමූණ නගරයට මීටර් පන්සියයකට ආසන්නව ප්‍රදේශයක පොළොවට දිරාපත් වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.

සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT