Home » හර්ෂ ඉලුක්පිටියව අධිකරණයට රැගෙන එයි

හර්ෂ ඉලුක්පිටියව අධිකරණයට රැගෙන එයි

by yasara
January 22, 2025 11:03 am 0 comment

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියව බන්ධනාගාර නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙයි.

විද්‍යුත් වීසා නිකුත් කිරීමට අදාළව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ආගමන හා විගමන පාලකවරයා පසුගිය සැප්තැම්බර් මස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

එම පෙත්සම් අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.

හර්ෂ ඉලුක්පිටියව ඒ සඳහා අධිකරණයට ඉදිරිපත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT